Thursday, April 6, 2017

අයියා

Share it Please

හැත්තෑ එකේ අප්‍රියෙල් කැරැල්ල පිපුරුණු දවසේ අපේ විදුහලේ ළමයින් සියළු දෙනා කැඳවා රැස්වීමක් තබා අප සියළු දෙනා ගෙදර යැවුණි. කොල්ලන් කෙල්ලන් මරා පාරවල් අයිනේ ගිනි තැබීමත් ගඟවල් දිගේ පාකර යැවීමත් ඇරඹුනේ ඒ දවසේය.

සතියකට හමාරකට පසු ලුනුවිල, බොරලැස්ස පැත්තේ කුඹුරු යායවල් දිගේ පළායමින් සිටි තරුණයින් දෙදෙනෙක් ගමේ මිනිසුන්ට හමුවිය. ග්‍රාමසේවක මගින් පොලිසියට භාර දුන් මේ චේ ගුවේරා කාරයෝ දෙන්නා වෙන්නප්පුව පොලිසියේ මිදුලේ ජම්බු ගසේ කකුල් වලින් එල්ලා ප්‍රදර්ශනය කරන ලදී..

දවසකට හෝ දෙකකට පසුව මේ දෙන්නාවම වෙන්නප්පුව වැල්ලේ දී ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා පුළුස්සනු ලෑබිණි.

මාස දෙක තුනකට පසු, වාහනයකින් පැමිණි අම්මා කෙනෙක් ඒ තරුණයින් පිලිස්සූ තැනට පැමිණ හඬ හඬා සිට ගියා යැයි මගේ පංතියේ යාළුවන්ගෙන් අහන්නට ලැබිණි.

ඒ මම අපොස සා. පෙ. පන්තියේ ඉන්නා කාලයේය.

4 comments:

  1. ඒ දවස්වලත් රණවිරුවන් ඉඳලා තියෙනවා එහෙනම්.....

    ReplyDelete
    Replies
    1. ⁣රණවීරලා නම් මං දන්න තරමින් කිසිදේකට සම්බන්ධ වුනේ නෑ. ඒ පවුලම බිස්නස් කලා තමයි, නමුත් සාමකාමී මිනිස්සු.

      Delete
  2. අපිත් ගොඩවුණා එහෙම නම්

    ReplyDelete

Blogroll

About