Friday, March 31, 2017

නෙළුම් මලේ එක පෙත්තද තියෙන්නේ...?

Share it Please
මොකක්ද මන්දා හේතුවක් හින්දා ඊයෙ පෙරේදා ඉඳලා මේ සිංදුව ඇහෙනවා ඇහෙනවා වගේ..... ඉතින් අවුණන්න හිතුනා මෙතන.


නෙළුම් මලේ...
එක පෙත්තද තියෙන්නේ
තියෙන්නේ...
ගිළිහෙද්දෙන් එක පෙත්තක් 
තවත් එහි තිබේ රොත්තක්
ගිළිහුණු පෙත්තකට මොටද හඬන්නේ
හඬන්නේ...

මහ සයුරේ...
එක රැල්ලද නැඟෙන්නේ
නැඟෙන්නේ...
බිඳෙනා විට රැළි හඬ දී
තව සිය දහසක් උපදී
නිමවීමක් කිම දෝ සිදු නොවන්නේ
නොවන්නේ...

සඳ එළියේ
එක කුමුද ද පිපෙන්නේ...
පිපෙන්නෙ
සැළෙන විටදි එක කැකුළක් 
පිපෙයි කැකුළු විද සුවඳක්
ඒ නියදම කිකලක දෝ... 
බිඳෙන්නේ

සිත හැම විට 
එක දෙයම ද සිතන්නේ...
සිතන්නෙ
මතුකොට නව කල එළියක් 
උපදයි සිතුවිළි වලියක්
කොයි කවුරුද ඒ අරුමේ...
සිතන්නේ


පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: රෝහණ වීරසිංහ ඇතුළු පිරිස






12 comments:

  1. අහලා තියෙන ලස්සන සින්දුවක්. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. වලියක් ඇති වීම ස්වාභාවිකයි නේද එහෙනම් ?

    ReplyDelete
    Replies
    1. සිංදුව අහන්න.... ඇස් පියාගෙන.

      Delete
  3. Replies
    1. ⁣ආන්න කට වටකර වැට බඳින හැටි...!

      Delete
  4. බස්සි එවපු ලින්ක් එකෙන් දැක්කෙ..
    අහල නැති වුනත් කාලිනයි වගේ :ඩී

    ReplyDelete
    Replies
    1. සිංදවෙ කියන්නෙ සදාකාලිකයි කියල නේ ද?

      Delete

Blogroll

About